29 C
Colombo
Sunday, October 27, 2024

විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිඟයක්

- Advertisement -

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972කගේ පමණ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වන බවට දිවයින පුවත්පත වාර්තා කරනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය විසින් විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව 2023 ජුනි මස 30 වැනිදා වන විට රෝහල් ආයතන 50ක විශේෂඥ වෛද්‍යවරුන් 226කගේ හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන්.

එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක් පවතිනවා.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරු 972 දෙනකුගේ හිඟයක් පැවතිය ද විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත තනතුරු සංඛ්‍යාවට වඩා විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා ඇති බැව් විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

තවද විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක විශේෂඥ වෛද්‍යවරුන් 141දෙනකු සේවයේ යොදවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල්...

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම - කොළඹ පාරේ අද (27) දවල් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙන් මෙම අනතුර...

ත්‍රීරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවෙයි

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සදහා ගිය නිලධාරීන් පිරිසකට ත්‍රිරෝද රථයක් තුළ තිබී මියගිය වයෝ වෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා. යාපනයේ තිරුණවේලි ප්‍රදේශයේ...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...