මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායකට තම මුහුණු පොතේ පලකළ ඡායාරැපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා අද (17) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.
ඔහුව එසේ කැඳවා ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ අමාත්‍ය චන්ද්‍රසේන සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය. ධනුෂ්ක රාමනායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ හිටපු මාධ්‍ය ලේකම්වරයාය.
එම දැනුම්දීම සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුමේ සටහනක් පළකරමින් මෙසේ පවසා ඇත.
‘එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් සඳහන් කර තිබේ. මෑතකදී පටන් ජනාධිපතිවරයා සහ වර්තමාන ආණ්ඩුවට එල්ල වෙමින් පවතින මහජන විරෝධය පාඨලී චම්පික රණවක, තමා සහ තමාගේ හිතවතුන් විසින් කෘතීමව නිර්මාණය කරන ලද “මඩ කැම්පේන්” එකක් ය යනුවෙන් ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් විසින් මතයක් ජනගත කරමින් සිටින බව පවසන ධනුෂ්ක රාමනායක, රටේ අපරාධමය නිමිත්තක් සහිත කරුණු රාශියක් තිබියදී රාජපක්ෂ පවුලේ සාමජිකයින්ගේ දිනපතා චර්යාවන්ට එල්ල වන මහජන විරෝධයන් යටපත් කිරීම සදහා සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කෙරෙහි බලවත් කනස්සල්ල පළකර සිටියි.’