28 C
Colombo
Sunday, October 27, 2024

මනුෂ්‍ය ඝාතන තැතක් වැළකේ

- Advertisement -

කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල, හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අදාළ සැකකරුට පසුගියදා අහංගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇයව වෙඩිතබා ඝාතනය කරන ලෙස කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණා.

ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති ව්‍යාපාරිකයා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන ජීව උණ්ඩ 6ක් ද සැකකරුට ලබාදී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු හබරාදුව මීපෙ හන්දිය ප්‍රදේශයේදී 26 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කෝටියක කොන්ත්‍රාත් මුදලින් අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් 10,000 මුදලක් සොයා ගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයා තමාට හෙරොයින් මත්කුඩු ද ලබාදුන් බවට සැකකරු අනාවරණය කර ඇති බවයි.

සැකකරු සිදුකළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනිඅවි කිහිපයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරනු ලබනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරුට ගිනිඅවි ලද ආකාරය මෙන්ම එම ගිනිඅවි වෙනත් පුද්ගලයන් වෙත ලබා දී අපරාධ සිදුකර ඇත්ද යන්න විමර්ශන සිදු කරන බවයි.

එමෙන්ම අදාළ සැකකරුට එම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ව්‍යාපාරිකයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරු අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචණ්ඩ...

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...