28 C
Colombo
Sunday, October 27, 2024

රංජනුත් සල්ලිවලට සෙනඟ ගෙනල්ලා මල්ලි

- Advertisement -

රංජන් රාමනායක මහතා නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය ඊයේ (27) පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

කෙසේවෙතත් මෙම සම්මේලනය අවසන් වීමෙන් පසු රුපියල් 3,000 ක් ලබා දෙන බවට පවසා සම්මේලනයට කැඳවා තිබුණද සම්මේලනයෙන් පසු අදාළ මුදල ලබා නොදුන් බවට ඊට සහභාගී වු තරුණ තරුණියන් පිරිසක් චෝදනා කරමින් නොසන්සුන්කාරි ලෙස හැසිරි තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදෙන බවට පැවසුවද එයද නොලැබුණු බව පවසමින් සමුලු‍වේ සංවිධායකයින් සහ තරුණ තරුණියන් පිරිස සංවිධායක පිරිසට චෝදනා කර තිබුණා.

පසුව පොලීසිය මැදිහත් වී එම ස්ථානයේ රැඳි සිටි තරුණ තරුණියන් 200ක් පමණ ඔවුන්ගේ නවාතැන් වෙත පිටත් කර යවා තිබෙන බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචණ්ඩ...

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...