29 C
Colombo
Sunday, October 27, 2024

දේශපාලනය කියන්නේ පොරපිටියක් නෙවෙයි

- Advertisement -

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ආදී සිසුන් වන චාමර ජයසිංහ, රුවන් මාපලගම හා තිළිණ ජයවර්ධන එකම වේදිකාවකට පැමිණියා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නව දේශපාලන පරිච්ඡේදයකට මුල පුරමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ඔවුන් ඊයෙ (26) නිට්ටඹුව මන්දාර ‍රෝයල් රිසෝර්ට් හී දී මෙලෙස එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද ක්‍රම, රට වෙනුවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔවුන් බලයට පැමිණි පසු මැදිහත් වන්නට අපේක්ෂා කරන ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සංවාදයේ යෙදී තිබෙනවා.

හෝරා කීපයක් පැවැති මෙම දේශපාලන වැඩසටහන සාම්ප්‍රදායික විවාදයක් නොවී සාධනීය සංවාදයක් ලෙස සංවිධානය කරනු ලැබූයේ NAYAKANZ 2003 කණ්ඩායම විසින්.

සුරංග රණසිංහ මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවා.

දේශපාලනය යනු පොරපිටියක් නොව උණුසුම් සහ සංවාදාත්මක, මහජන සුබ සිද්ධිය උදෙසා සිදුකළ යුතු වෘත්තීමය මැදහත්වීමක් බවට වන ආදර්ශය රටට පෙන්වු වැඩසටහනක් ලෙස මෙය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 716 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණ ප්‍රචණ්ඩ...

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...