28 C
Colombo
Sunday, October 27, 2024

ත්‍රීරෝද රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවෙයි

- Advertisement -

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සදහා ගිය නිලධාරීන් පිරිසකට ත්‍රිරෝද රථයක් තුළ තිබී මියගිය වයෝ වෘද්ධ පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

යාපනයේ තිරුණවේලි ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ත්‍රිරෝද රථය තුලට එබී බැලූ නිලධාරීන්ට මෙම මළ සිරුර දැක ගැනීමට හැකි වී ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය නිලධාරීන් වහාම මේ බව කෝපායි පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයාගේ මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 79 හැවිරිදි යාපනයේ කෙන්යාඩි ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි සිරිකුලන් බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර, ඔහු මිය යාමට හේතුව හෝ ඔහුගේ මළ සිරුර මෙම ත්‍රීරෝද රථය තුළට පැමිණියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

කෝපායි පොලීසිය පැවසුවේ, යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව මේ සම්බන්ධයෙන් ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වරියපොළ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක්. සැකකාර පොලිස්...

ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹෙයි

දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා. ඒ, ඩොලර් මිලියන 17...

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...