26 C
Colombo
Monday, October 28, 2024

වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන රනිල් කියන කතාව

- Advertisement -

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම පත්‍රිකාව අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, මීගමුව ප්‍රදේශයේදී අද (27) පැවැති ජන හමුවක් අතරතුරයි.

ඔහු පෙන්වා දෙන්නේ, අදාළ යෝජනාව ලබන වසරේ අයවැය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබුවේ ඒකමතික තීරණයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මේ ඔක්කෝම සකස් කළේ 2025 විසර්ජන පනතට දාන්න. 2025 විසර්ජන පනත අපි ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා ඡන්දෙ අවසන් කරන්නට තිබුණා. IMF සංවිධානය එක්ක කතා කරන්නට තිබුණා. අපි එකඟ වෙන්න කලින්, මම අපේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මගේ උපදේශක ආචාර්ය සමරතුංග මැතිතුමාටත් මගේ ලේකම් සමන් ඒකනායක මැතිතුමාටත් ඔක්කොමලා එක්ක කතා කළා.

මට චෝදනා කළේ විජිත හේරත් ඇමතිතුමා මම කාටත් කතා කළේ නෑ කියලා. නෑ මම කියන්නේ මේක අපි ගත්තා. මේ තීන්දුව තියෙනකම් ඒක ඇතුළු කරන්න ඕනේ. එහෙනම් තීන්දුව අහෝසි කරන්න. මේක ඔබේ. මට කියන්න බෑනේ මේක මම නෙමෙයිනේ ආණ්ඩුව. මේ තීරණය වැරදි කියලා කියන්න එපා. එතකොට සම්පූර්ණ බලය තියෙනවා තීණ්දුව වෙනස් කරන්න. අහෝසි කරන්න. ඒකයි කියන්නේ. ජනාධිපතිතුමාත් කිව්වා.

විජිත හේරත් ඇමතිතුමාත් කිව්වා මේ පඩි වැඩි කරන එක ගැන අවධානය යොමු කරනවා කියලා. ඒවා වැඩක් නෑ කැබිනට් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම කියනවා.”

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වරියපොළ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක්. සැකකාර පොලිස්...

ආගමික සිද්ධස්ථානවල සූර්යය පැනල ස්ථාපිත කිරීම ඇරඹෙයි

දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්වල කිලෝවොට් 5 ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යංශය ආරම්භ කර තිබෙනවා. ඒ, ඩොලර් මිලියන 17...

මේ ආණ්ඩුවට රටක් පාලනය කරන්න බැහැ – සජිත්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...