26 C
Colombo
Thursday, October 31, 2024

අස්ථාන ගතවු පොත් දොළහ ගැන අධිකරණය දුන් නියෝගය

- Advertisement -

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ නිල කාමරයේ ඉබියතුරු දමා ආරක්ෂිතව රඳවා තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් මෙලෙස අස්ථානගත වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ කාර්යමණ්ඩලයේ සේවකයින් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ දුරකථන සමාගම්වලට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ අංශයේ සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගත යුතුව ඇති බැවින් එම වාර්තා තම පොලිස් ස්ථානය වෙත ලබාදෙන ලෙස බොරැල්ල පොලීසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙළෙඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ ආරක්ෂිතව තිබූ පොත් 12ක් මෙලෙස අස්ථානගතවී ඇත.

එසේ අස්ථානගතවී ඇත්තේ භාවිතයට නොගත් අලුතින් මුද්‍රණය කළ පොත් බවද වාර්තා වෙයි.

RECENT ARTICLES - SINHALA

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු...

රාත්‍රී තැපැල් දුම්රිය ගැන දැනුම් දිමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුවද අද (30) රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා. ඒ අනුව...

රට පාලනේ කරන්නේ වැඩ බැරි තුන්දෙනෙක් – මධුර විතානගේ

රට අර්බුදයකට යමින් තිබෙන අතර IMF ණය වාරිකය ලැබෙන්නේ ද?නැද්ද? යන්න පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති...

වාහන ආනයනය ගැන රජයෙන් තීරණයක්

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට...