26 C
Colombo
Thursday, January 2, 2025

පොල් හිඟය අවසන් වන්නේ කවදාද?

- Advertisement -

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසා තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළා.

“යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා. පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අඅස්වැන්නක් තමා ලැබනේනේ.පොල් සංවර්ධන අධිකාරිය මඟින් යෝජනා කරලා තියෙනවා, කොළඹ පොල් ඔක්ෂන් එක හරහා යම් ප්‍රමාණයක් අලෙවිය සිදුවන බව. පොල් වෙන්දේසියේ රු 100කට පවත්වාගෙන යන්න කියලා සංවර්ධන අධිකාරියට යෝජනා කරලා තියෙනවා. අපි යෝජනා කරලා තියෙනවා අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමට නමුත් ඒ සඳහා තවම අවසර ලැබිලා නෑ.”

රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES