අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, ආණමඩුව, තෝනිගල, ඔරුගල ප්‍රදේශයෙ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියකු බව වාර්තා වනවා.
31 දින අලුයම මෙම තැනැත්තා ඔහුගේ මෝටර් රථයෙන් ගල් වලකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් කළු විශාල කළු ගල් වලකට ඇදවැටි මෝටර් රථයටද දරුණු ලෙස හානි වි අදාළ තැනැත්තා මෝටර් රථය තුළදීම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසනවා.
මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වලවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද වාර්තා වනවා.