25 C
Colombo
Friday, January 3, 2025

NPP රජය ඇමතිකමක් දුන්නොත් අධ්‍යනය කරලා බලනවා – සුමන්දිරන්

- Advertisement -

ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා පවසනවා.

යාපනයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී සුමන්දිරන් මහතා මේ බව සඳහන් කළා.

මීට අවුරුදු 06කට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ යාපනයේදී මැයි දින සැමරුමකදී රතු පටි ඇඳගෙන ගත් ඡායාරූප තවමත් ඇති නමුත්, අමාත්‍ය ධූර ඉලක්ක කර ගනිමින් ඔහු සමඟ එලෙස ඡායාරූප නොගන්නා බවත් සුමන්දිරන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

“ඇමති තනතුරු ලබා ගත යුතු නැහැ කියලා පසුගිය කාලේ මතයක් තිබුණා. ස්ථීක දේශපාලන විසඳුමක් ලබා දෙන තුරු මධ්‍යම රජයේ සාමජිකත්වය ලබා නොගත යුතුයි කියලා අදහසකුත් තිබුණා. නමුත් ඒක පක්ෂයේ ප්‍රතිපත්තිය නෙමෙයි, 1966 අපේ පක්ෂයේ නියෝජිතයින් අමාත්‍යධූර දරලා තිබෙනවා, කාලය වෙනස් වෙනවා. තත්වයනුත් වෙනස් වෙනවා. ඒ අනුව, එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බවයි මගේ ස්ථාවරය”

RECENT ARTICLES - SINHALA

ජීන් ඇන්ටිට පහරදීමක්

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ප්‍රිම්රෝස් නතානියෙල්ස් නොහොත් ජීන් ඇන්ටිට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා. එම පහරදීමෙන් ඇයට සහ ඇගේ සැමියාට තුවාල සිදුව...

වැස්සේ වෙනසක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ නමුත්...

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

POPULAR ARTICLES