අකුණු සැර වැදීමකින් 11 හැවිරිදි දැරියක් මියයෑමේ සිදුවිමක් පස්සර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
දැරියට අකුණු සැර වැදී ඇත්තේ ඊයේ (31) දහවල් කාලයේදී.
පියා හා සහෝදරයා නිවස පිටුපස අත්තිවාරමක් කපමින් සිටියදී ඊට උදව් කරමින් සිටියදී දැරිය මෙම අනතුරට ලක්වී ඇති බව පැවසෙනවා.
ඇයගේ සහෝදරයාද අකුණු සැර වැදීමෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා.
පියාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.