28 C
Colombo
Friday, November 1, 2024

තැපැල් ඡන්ද විමසීම අද දෙවැනි දිනටත්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද(01)ට යෙදී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවලදී ඒ සඳහා පහසුකම් සලසා ඇති බවයි.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 7,38,000කට අධික බව ඔහු ප්‍රකාශ කළා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටිනවා.

මේ අතර, තැපැල් ඡන්දය ප්‍රකාශ කරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

පැෆ්රල් සංවිධානය පියවර ගෙන ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය විසින් පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලොහාන්ගේ තවත් සැප රියක් සොයාගෙන

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිත කරන ලැදැයි පැවසෙන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප්...

පසුගිය අවුරුද්දේ දී මන්ත්‍රීවරු දහයක් තීරු බදු රහිත වාහන ගෙන්නලා

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටවු බව කියනු ලැබු තත්වය උඩ, තීරු බදු...

මහින්දගේ ආරක්ෂකයින් අඩු කරලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර තිබෙන බවට වාර්තා වනවා. ප්‍රභූ ආරක්ෂක නිලධරයින් අනුයුක්ත කිරීමේ...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...