30 C
Colombo
Friday, November 1, 2024

සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී අනතුරක් – දෙදෙනෙක් මරුට

- Advertisement -

Update: බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් මියගිය ගණන තිදෙනෙක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුවියන් බවයි වාර්තා වෙන්නේ.

…………………………………………………………………………………………………………….

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් පෙරළීගොස් සිදු වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) උදෑසන 7.45ට  පමණ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි  මාර්ගයේ සිසුන් ගමන් ගත් බස්‍ රථය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු පිරිසක් බස් රථය ඇතුළත රැඳී සිට තිබෙනවා.

එම අනතුරෙන් සිසුන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්දගේ මයිලකට හරි හානි වුනොත් බලාගමු

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ්...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...