27 C
Colombo
Friday, November 1, 2024

නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05කට අත්හිටුවලා

- Advertisement -

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩු විභාගයක් සඳහා විත්තිකරුවකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාව මත නීතිඥවරයෙකුගේ නීතිඥභාවය වසර 05ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (1) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විභාගයකින් අනතුරුව මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ, වගඋත්තරකාර නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අපරාධ නඩුවක විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත්කොට තිබියදී, ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

නඩු විභාගයේදී වගඋත්තරකරු අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම්දී ඇත්තේ, මෙම විත්තිකරු නීතිඥ ආචාරධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඔහු අදාළ චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම සහ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් ඔහුගේ නීතිඥභාවය වසර පහක කාලයක් අත්හිටුවීමට පියවර ගන්නා බව විනිසුරු මඩුල්ල දැනුම්දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රදැල්ලේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු...

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

පාස්පෝර්ට් නිකුත් කිරිම ගැන දැනුම් දීමක්

දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී හිස්ගමන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...