25 C
Colombo
Saturday, November 2, 2024

ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු වුණා.

ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී  සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කෙරනු අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී  අවධානය යොමු කෙරුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේම  ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළු පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බවයි .

ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත්  සඳහන් කර තිබෙනවා.

ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ද  මෙම හමුවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

අලුත් පත් කිරීම්වලට කලින් අහන්න – මැතිවරණ කොමිසම

රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට...

රදැල්ලේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු...

මහින්දගේ ආරක්ෂාව ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවන සියලු වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

POPULAR ARTICLES

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන දැනුම් දිමක්

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි...

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...