24.3 C
Colombo
Tuesday, November 26, 2024

ඡන්ද කාඩ් බෙදීමේ විශේෂ දිනයක් හෙට

- Advertisement -

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනයක් ලෙස හෙට(03) නම් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කිරීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව හෙට දිනයේ ලිපි බෙදීමේ කාර්යාල 2090 ක් විවෘතව තැබෙන බවයි.

ලිපි බෙදීම සඳහා අනියුක්ත කර ඇති කාර්ය මණ්ඩලය 8000ක්. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ලබන 07 වැනිදා දක්වා සිදු කෙරෙනවා.

2023 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES