25 C
Colombo
Friday, December 27, 2024

බදුල්ල බස් අනතු‍රෙන් තුවාල ලැබූ අයගේ දැන් තත්වය

- Advertisement -

බදුල්ලේදී ඊයේ (01) සරසවි සිසුන් රැගත් බස් රථයක් මාර්ගයේ පෙරළී යෑමෙන් සිදුවී අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව වාර්තා වෙනවා.

තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ  රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවයි. 

විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද ඔහු පවසා තිබෙනවා.

“බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබමින් සිටිනවා.  හැමදෙනාගෙම තිබූ ජිවිත අවධානම පහවෙලා තිබෙන්නේ. අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්. 

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරලබන දස දෙනාගෙන් කීපදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවලට මාරුකිරීමේ හැකියාව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහලෙන් පිටව යා හැකියි.

දැනට තිබෙන තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ. එය ජීවිත අවදානමේ හෙළීමක්. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල රෝහලේ තිබෙනවා”.

RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...