25.6 C
Colombo
Saturday, November 23, 2024

ස්පාඤ්ඤයේ ගංව­තු­රෙන් මිය ගිය පිරිස 200 ඉක්මවයි

- Advertisement -

නැඟෙ­න­හිර ස්පාඤ්ඤයේ වැලෙ­න්සියා ප්‍රාන්ත‍යේ හටගත් දරුණු ගංව­තුර තත්ත්ව­යෙන් මිය ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය සහ අතු­රු­දන් වූවන් සොයා තව­දු­ර­ටත් මෙහෙ­යුම් සිදු කරන බවත්, ඒ සඳහා ස්පාඤ්ඤ ගුවන් හමු­දාවේ හෙලි­කො­ප්ටර් යානා ද යොදවා ඇති බව එම වාර්තාවල සඳහන්.

මෙවැනි දරුණු ගංව­තුර තත්ත්ව­ය­කට ස්පාඤ්ඤය මුහුණදී ඇත්තේ වසර 51කට පසුව වන අතර, වැලෙ­න්සියා ප්‍රාන්තයේ නගර ගණ­නා­වක නිවාස, ගොඩ­නැ­ඟිලි, මහා­මාර්ග විශාල ප්‍රමා­ණ­යක් ඉන් මුළු­ම­නින්ම විනාශ වී තිබෙනවා.

ස්පාඤ්ඤ රජය නිවේ­ද­නය කර ඇත්තේ, ගංව­තුර හේතු­වෙන් අව­තැන්වූ ජන­තාව මිලි­යන 5කට වැඩි අතර, අව­තැ­න්වූ­වන් සඳහා තාව­කා­ලික කුඩා­රම් ඉදි­කර අවශ්‍ය පහ­සු­කම් සලසා ඇති බවයි.

සුනා­මි­ය­කට සමා­නව අධික වේග­යෙන් ගලා ගිය බව කියන ගංව­තුර මේ වන විට බැස ගියද, ඉදිරි දින කිහි­ප­යේදී නැවත වර්ෂා­ප­ත­න­යක් සිදු­වන බවට කාල­ගුණ විද්‍යා ඒක­කය අන­තුරු ඇඟ­වී­මෙන් පසු රතු නිවේ­ද­න­යක් නිකුත් කිරී­මට එරට රජය පිය­වර ගෙන තිබෙනවා

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES