24 C
Colombo
Thursday, November 7, 2024

ශ්‍රී ලංකාව හොංකොං සික්සර්ස් තරඟාවලියේ අවසන් පුර්ව වටයට

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ, අර්ධ අවසන් පුර්ව වටයේදී නේපාලය ලකුණු 40කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 123ක් රැස් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු සදුන් වීරක්කොඩි ලකුණු 50යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 83ක් පමණයි.

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන් සහ තරිදු රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට (03) පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මහින්දානන්දගේ චණ්ඩි දේශපාලනය ඉවරයි – හරිනි

කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ - කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති...

ගාල්තැන්න දේවාලයේ තිබී තවත් ජීප් රථයක් අත්අඩංගුවට

ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් බව කියන ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී...

පුද්ගලයෙක් මතට පස් කණ්ඩියක් කඩා වැටෙයි

ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ (06) සවස එම...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...