26 C
Colombo
Wednesday, April 9, 2025

මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

පසුගිය කාලසීමවන් තුළදි සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 15 දින දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ මනුශ්‍ය ඝාතනයට සහ සැප්තැම්බර් 18 වැනි දින කොහුවල ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මෙම ඝාතන දෙක සඳහා යතුරුපැදියෙන් පැමිණ තිබුණා.

පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවෙකු පසුගිය 25 වැනි දින මත්තේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් පැවසුවේ 31 හැවිරිදි සැකකරු මෙම ඝාතනය සඳහා යතුරුපැදිය පදවාගෙන පැමිණි අය බවයි.

මොවුන් මෙම ඝාතන දෙක සිදු කිරීමෙන් පසු යතුරුපැදිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අතහැර ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

සිද්ධීන් සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඊයේ (01) දින වැලිකඩ බන්ධනාගාරය අසලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ඝාතනයට යොදා ගත් ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරු ඉදිරි දින කිහිපයේදී තවත් අපරාධයක් කිරීමට සැලසුම් කර ඇති බවත් පොලීසිය විසින් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධවද පොලීසිය විමර්ශන අරඹා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොලඹගේආර උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...