25 C
Colombo
Friday, December 27, 2024

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

- Advertisement -

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියා.

“2024 මහ මැතිවරණය සඳහා අදාළ වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු මේ දිනවල තැපැල් කාර්යාල පද්ධතිය හරහා සිදුවෙනවා. ඒ අනුව අද දිනයේ විශේෂ බෙදීම් දිනයක් ලෙස නම්කරලා තියෙනවා. උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පමණක් බෙදාහැරීම සඳහා ලිපි බෙදීම් කාර්යාල 2,090ක සහයෝගීත්වයෙන් ලිපි බෙදීම් කාර්යමණ්ඩලය 8,000 යොදවලා තියෙනවා. ඊට අමතරව නොවැම්බර් මාසේ 07 වනදා දක්වාම නිවසින් නිවසට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුවෙනවා තැපැල් දෙපාර්තමේන්තුව මගින්. කිසියම් කෙනෙකුට 07 වනදායින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබිලා නැතිනම් තමන්ට ලිපිබෙදන කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අදාළ තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගැනීමේ හැකියාව තියෙනවා රාජකාරි වේලාව තුළදී.”

RECENT ARTICLES - SINHALA

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න විශේෂ වැඩපිළිවෙලක් – එරංග ගුණසේකර

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ...

POPULAR ARTICLES

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...