28 C
Colombo
Wednesday, November 6, 2024

චන්ද්‍රිකාගේ ආරක්ෂාවට දැනටත් 57ක් ඉන්නවා – විජිත

- Advertisement -

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (06)  එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේ ආරක්ෂකයින් 30 දක්වා අඩු කර ඇති බව පවසමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලිපියක් එවා තිබුනත් මේ වන විටත් ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් 57 දෙනෙකු යොදවා ඇති බවයි.

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනිය මහජන ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුණා.

 විශ්‍රාම ලබා සිටියත් කෙසේ හෝ ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇති බවද ඇය අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ට අනුරගෙන් සුබ පැතුම්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් නිකුත්...

රනිල්ට එකපිට කරදර

විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල්...

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...