31 C
Colombo
Wednesday, November 6, 2024

වැසිකිලි උතුරා මහනුවර කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රය අපායක් වෙලා

- Advertisement -

මහනුවර නගර මධ්‍යයේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රය තුළට මළ අපජලය ගලා විත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් විධිමත් ලෙස නඩත්තු නොකළ වැසිකිලි ගලිවල වල් උතුරා ගොස් අධික දුර්ගන්ධය හමන අතර කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිය සේවා අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන ජනතාව මෙන්ම එහි සේවය කරන රාජ්‍ය සේවකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ජනතාව පෙන්වා දෙන්නේ කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මළ අප ජලය ගලා ඒම හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තු සේවකයින්ගේ පමණක් නොව ඒ අසල පිහිටි රාජ්‍ය ආයතන වල සේවකයින් මෙන්ම මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ දහස් ගණනක් වන සිසුන්ගේ හා ගුරු මණ්ඩලය පවා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතු වී ඇති බැවින් වහාම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවයි.

තමෙම සෞඛ්‍ය ගැටලුවට තමන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන බව මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර කම්කරු දෙපාර්තමේන්තු සේවකයින් පවසා තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ රථ ගාල හා රියදුරන්ගේ විවේකාගාර ගලිවලවල් වලට ඉහළින් පිහිටා තිබීමත් එමගලි වලවල් නිසි ලෙස නඩත්තු නොකිරීමත් නිසා තමන් මෙම පීඩාවට පත්ව සිටින බවයි.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරීන් දැනුම්වත් කළද මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද එම සේවකයින් පෙන්වා දෙනවා.(kandyprime)

RECENT ARTICLES - SINHALA

රනිල්ට එකපිට කරදර

විදේශීය සමාගම් දෙකකින් මෙරටට විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල්...

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය...

සමේ පිළිකා වැඩිවීමට හේතුව

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසනවා. අද (06)...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...