28 C
Colombo
Wednesday, November 6, 2024

විදේශ සේවයෙන් පිරිසක් නැවත කැඳවයි

- Advertisement -

විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු පවසා සිටියේ එලෙස පත්වී සිටි 15 දෙනෙකු නැවත කැඳවා ඇති බවයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (06) පැවති මාධ්‍ය හමුව අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ දරුවන් සහ බිරින්ඳෑවරු ද පත්කර තිබූ බවත් එම පත් කිරීම් සිදු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත් විජිත හේරත් මහතා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ ඉදිරියේදී එවැනි පත්කිරීම් සිදු නොවන බවයි.

“විදේශ තානාපතිවරු විදියටත් මහ කොමසාරිස්වරු විදියටත් විදෙස් සේවයට අයත් නොවන අය පත්කරලා තිබුණා. ඉන් 15 දෙනෙක් අපි නැවත කැඳවීමක් කළා. ඉතින් ඇත්තටම දේශපාලන පත්වීම් කියන එක සියලුදෙනාටම අදාළ නැහැ. සමහර අය මීට කලින් හමුදාවේ සහ වෙනත් වගකීම් දරපු අය එවැනි අයත් පත්කරලා තිබුණා. ඒ අතරතුරේ සෘජුවම දේශපාලන අයත් පත්කරලා තිබුණා. ඒ වගේම තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පුතාලා, දුවලා, බිරින්ඳෑවරු පත්කරලා තිබුණේ. ඒ අයත් අපි නැවත කැඳවලා තියෙනවා.

ඒ පත්කිරීම් කරලා තියෙන විදිය සම්පූරණයෙන් වැරදී. ඉස්සරහාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. විදේශ සේවයේ නියුතු අයත් විශේෂ අවශ්‍යතා මත විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයින් පත්කිරීමත් කළ යුතුව තියෙනවා. මුළුමනින්ම විදේශ සේවයේ පත්කරනවා කියලා එහෙම එකක් කරන්න තත්ත්වයක් නැහැ. සමහර ස්ථානවලට නව රජයේ ආර්ථික, ජාත්‍යන්තර වුවමනාවන් එක්ක සමහර අය පත්කරන්න වෙනවා. අපි එහෙම පත්කරනවා. දැනට පත්කිරීම් කරලා තිබුණු සියලුදෙනාම දෙසැම්බර් 01 වැනිදා වෙනකොට ලංකාවට එන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆිගෙන් සැර පිළිතුරක්

පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බව වෛද්‍ය සාෆි සහබ්දී මහතා පවසනවා. කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව...

අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල්

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර...

හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා

තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...