28 C
Colombo
Wednesday, November 6, 2024

ජනපති අනුර ගැන බොරුවක් කියූ අය සොයා අත්අඩංගුවට ගන්න නියෝගයක්

- Advertisement -

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ  අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කර තිබෙනවා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳ මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

අඩු ආදායම් ලාභීන්ට චීන උදව්වෙන් ගෙවල්

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර...

හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දිර්ඝ කරලා

තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනකු අධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව ලබන ජනවාරි...

ට්‍රම්ප්ට අනුරගෙන් සුබ පැතුම්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල 'X' ගිණුමේ පණිවුඩයක් නිකුත්...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...