25 C
Colombo
Tuesday, January 14, 2025

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

- Advertisement -

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා.

එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී තිබෙන බවයි පැවසෙන්නේ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) මේ පැවරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කර තිබුණා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාල ලිපි ලේඛන සහ යතුරු භාර දීම සිදු කෙරුණා.

අනවශ්‍ය වියදම් අවම කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුවයි මෙය සිදු කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනූව වෛද්‍ය ඒකකය සතු මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඉදිරියේදී මහජන සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යොදවනු ඇති.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...