29 C
Colombo
Thursday, November 7, 2024

අනුර පොඩි රනිල්ගේ චරිතෙ ලස්සනට රඟපානවා

- Advertisement -

නව රජය විසින් ගෙන යමින් සිටින්නේද රනිල් වික්‍රමසිංහ පාලනයේම දිගුවක් බව පැහැදිලිව ඇති බව සමඟි ජන සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාරිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසුවා.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (06) මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති බව ඔප්පු වී ඇති බවත් මුදල් අමාත්‍යාංශයට හෝ පත්කිරීමට ලේකම්වරයෙක් නොමැති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේවෙතත් ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් නොකර නිසි අයවැයක් ඉදිරිපත් කරන ලෙස ඔහු තවදුරටත් පවසා සිටියා.

”අද මේ රටේ ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. අපිට පේනවා පහුගිය කාලයේ ජාතික ජන බලවේගයට විදියට මේ අය ආණ්ඩුවක් ලබාගත්තට මේ අයට කිසිඳු වැඩපිළිවෙළක් තිබිලා නැහැ ආණ්ඩුව තමන් අතට ආවට පස්සේ කොහොමද ආර්ථිකය මෙහෙයවන්නේ කියලා. පසුගිය කාලයේ ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේගයෙන් ඇවිල්ලා කිව්වා අපිට වැඩපිළිවෙළක් තියෙනවා මේ රටේ ආර්ථිකය ගොඩදාන්න කියලා.ජාතික ජන බලවේගයට මුදල් අමාත්‍යංශයට දාන්න ලේකම් කෙනෙක් හිටපු නැති නිසාම අර රනිල් වික්‍රමසිංහගේ ආර්ථික මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගන්න උනා. මහින්ද සිරිවර්ධන පත් කරේ ඇයි අනුර දිසානායකලගේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන්න හරිහමන් කෙනෙක් හිටියේ නෑ . කවුද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යවලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපති. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන. පහුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ IMF දිගුවක් තමයි මේ අය ක්‍රියාත්මක කරන්නේ.*අද අනුර කුමාර දිසානායක පොඩි රනිල්ගේ චරිතය ඉතාම ලස්සනට රගපාමින් ඉන්නවා. අපි අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා අතුරු සම්මත ගිණුම් දාන්න උත්සාහකරන්නේ නැතුව නිසි අයවැයක් ඉදිරිපත් කරන්න කියලා.”

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගය පැවැත්වෙන දවස මෙන්න

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර...

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකා

0
වත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නැහැ

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පවසනවා. මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක්...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...