29 C
Colombo
Thursday, November 7, 2024

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදීම ගැන පැමිණිලි

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තිව අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට සේවායෝජකයන් විසින් සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන ආකාරයට සේවා යෝජකයින් විසින් නිවාඩු ලබා දීම සිදු කළ යුතු බව පසුගිය 2 වැනි දා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ඡන්දය සඳහා නිවාඩු දෙන්නැයි ලිඛිතව ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු දිය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා.

එලෙස ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවකයින් ද ඇතුළුව සියලු සේවකයින් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු බව උපදෙස් මාලාවේ සඳහන්.

රාජ්‍ය අංශයේ සේවකයින්ට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පැය 4ක අවම කාලයක් යටතේ ඒ සඳහා අවශ්‍ය යැයි හැඟෙන කාලයට වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතුයි.

ඒ සඳහා දිය යුතු කාලසීමාව, සේවා නියුක්තිකයාගේ කාර්යාලයේ සිට ඡන්දපොළට ඇති දුර ප්‍රමාණය අනුව සේවා යෝජකයා විසින් තීරණය කළ යුතු වනවා.

සියලු සේවා යෝජකයින්, විශේෂ නිවාඩු ඉල්ලුම් කළ පුද්ගලයින් සහ නිවාඩු ප්‍රදානය කෙරෙන කාලසීමාව දැක්වෙන ලේඛනයක් සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකා

0
වත්මන් ආණ්ඩුව යටතේද මරණ දඩුවම හිමිව සිටින දුමින්ද සිල්වා නැමැත්තා දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින බව සමගි ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නැහැ

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පවසනවා. මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක්...

අපිට ඕන වෙලාවට සල්ලි අච්චු ගහනවා – සමන්ත විද්‍යාරත්න (වීඩියෝ)

ජාතික ජනබලවේගය ආණ්ඩුවට අවශ්‍ය මොහොතේදී මුදල් අච්චු ගසන බවත් ණය ගන්නා බවත් මෙවර මහමැතිවරණයේ ජාතික ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...