31 C
Colombo
Thursday, November 7, 2024

ගාල්තැන්න දේවාලයේ තිබී තවත් ජීප් රථයක් අත්අඩංගුවට

- Advertisement -

ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් බව කියන ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අම්පිටිය, ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වාහන අංගනයේ තිබියදී පසුගියදා (05) මෙම මොන්ටේරෝ ජීප් රථය සොයාගෙන තිබුණා.

පොලීසිය පවසන්නේ,එම වාහන අංගනයේ මොන්ටේරෝ, ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් හා තවත් කාර් රථ ඇතුළු වාහන 12ක් තිබූ බවයි.

අදාල වාහනවල අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

පොලීසිය භාරයට ගනු ලැබූ ජීප් රථයේ සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට යොමුකර සිදුකළ විමර්ශනයේ දී එම අංකයට නිත්‍යානුකූලව ලියාපදිංචි කළ මෝටර් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සතුව තිබෙන බව හෙළිව ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම,දේවාල පරිශ්‍රයේ තිබී හමුවූ මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයේ අංකයට සමාන අංක සහිත මෝටර් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර...

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා...

බිත්තර මිළට මොකද වුණේ කියලා කිකිලිගෙන් අහන්න ඕන – අනුරාධ ජයරත්න

දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...