31 C
Colombo
Thursday, November 7, 2024

අපිට ඕන වෙලාවට සල්ලි අච්චු ගහනවා – සමන්ත විද්‍යාරත්න (වීඩියෝ)

- Advertisement -

ජාතික ජනබලවේගය ආණ්ඩුවට අවශ්‍ය මොහොතේදී මුදල් අච්චු ගසන බවත් ණය ගන්නා බවත් මෙවර මහමැතිවරණයේ ජාතික ජනබලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියේ පසුගිය 03 වනදා පැවති ජන රැළිය අමතමින් ඔහු සඳහන් කළේ මෙරට අවශ්‍යතාවය අනුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මුදල් අච්චු ගැසිම හා ණය ගැනීම සිදු කළ යුතු බවයි.

ජාතික ජනබලවේගය රජයක් යටතේ එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ගෝඨාභය පාලනය යටතේ රුපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කළ බවත් විද්‍යාරත්න මහතා පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර ජාතික ජනබලවේගය පක්ෂය මැතිවරණ වේදිකාවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදී ප්‍රශ්න කර සිටියේ මුදල් අච්චු ගැසීමට මෙන්ම හිතුමනාපයට ණය ගැනීමට ආණ්ඩුවක් වුවමනාද යන්නයි.

RECENT ARTICLES - SINHALA

ඡන්ද නීතී කඩ කළ අපේක්ෂකයින් 9කට වැඩ වරදියි

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 ක්. මැතිවරණ නීති උල්ලංඝණය...

පාස්පෝට් ප්‍රශ්නෙ ගැන ජනපතිට බොරු තොරතුරු දීලා – ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...