31 C
Colombo
Thursday, November 7, 2024

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නැහැ

- Advertisement -

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් රජයට නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පවසනවා.

මුස්ලිම් විවාහ නීතිය හෝ කිසිදු ආගමික නීතියක් සංශෝධනය කිරීමට රජය තීන්දු කර නැති බවත් එවැනි නීති ප්‍රතිසංස්කරණයක් සිදුවන්නේ නිසැකව ම ආගමික නායකයන් සමග වූ සංවාදයකින් පසුව බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

“විවිධ සංවිධාන මුස්ලිම් විවාහ නීති ගැන අදහස් දක්වා තිබුණා. ඒ අයිතියට අපි ගරු කරනවා. රජයක් විදිහට ඒ නීතිය වෙනස් කරන්න තීන්දුවක් අරගෙන නෑ. අරගන්නෙත් නෑ. අරගන්න වුවමනාවක් පැන නැගිලාත් නෑ. මුස්ලිම් විද්වතුන් සමග සාකච්ඡා කරලයි තීන්දු ගන්නේ. බෞද්ධ ආගම ගැන වුණත් එහෙමයි. බුද්ධශාසන ඇමතිවරයාත් මම. ආගමික නායකයන්ගෙන් අහලා තමයි පනත් වෙනස් කරන්නේ.හජ් වන්දනාව සඳහා ඉදිරියේදී පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරනවා. දැනට තිබෙන හජ් කමිටුව හරහා ආයතන 88කින් 3,500ක පිරිසකට අවස්ථාව දෙනවා. ආයතන 88 තෝරා ගෙන තිබෙන්නේ ලකුණු ක්‍රමයකට අනුවයි. 3,500 කෝටා ක්‍රමයකට බෙදී යනවා. යමක්කමක් ඇති අයට මෙන් ම ආර්ථික අපහසුතා ඇති බස්නාහිර පළාතෙන් බැහැරව සිටින අයටත් අවස්ථාව දෙන්නැයි ඒ ආයතනවලින් අපි ඉල්ලීමක් කළා. ඒ කෝටාව සාධාරණව බෙදාවි යැයි අපි හිතනවා.“

RECENT ARTICLES - SINHALA

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්

රටේ ජනතාව දරුණු ආහාර අර්බුදයකින් පෙළෙන අවස්ථාවක, නව රජය බලයට පත් වී අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීමේදී ත්‍රීපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් ඉදිරිපත් කර තිබෙනව...

ඡන්ද නීතී කඩ කළ අපේක්ෂකයින් 9කට වැඩ වරදියි

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් මුලු ආධාරකරුවන් සංඛ්‍යව 325 ක්. මැතිවරණ නීති උල්ලංඝණය...

පාස්පෝට් ප්‍රශ්නෙ ගැන ජනපතිට බොරු තොරතුරු දීලා – ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...