30 C
Colombo
Thursday, November 7, 2024

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

- Advertisement -

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී පසුගියදා සොයාගැනුණා.

ඒ අනුව මිරිහාන පොලීසිය අදාළ රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 වනදා රත්වත්තේ මහතාව කටුගස්තොටදී මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අනුව රත්වත්තේ මහතාගේ බිරිය වන ශෂි ප්‍රභා රත්වත්තේ මහත්මියට වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියකට අනුව පසුගිය 4 වනදා ඇය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇයව ද අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද පෙරවරුවේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රීපාලගේ රිට් පෙත්සමක් විභාගයට

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන් සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකළ...

සාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්

වෛද්‍ය මොහොමඩ් ශාෆි අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ...

ෆේස්බුක් එකේ විකුණන බාල ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කරන සමේ ගල්වන ආලේපන වර්ගවලට නොරැවටෙන ලෙසත්, සමේ ආලේපන භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ...

POPULAR ARTICLES