26.9 C
Colombo
Wednesday, November 27, 2024

ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්

- Advertisement -

රටේ ජනතාව දරුණු ආහාර අර්බුදයකින් පෙළෙන අවස්ථාවක, නව රජය බලයට පත් වී අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීමේදී ත්‍රීපෝෂ සමාගම වසා දැමීමේ තීරණයක් ඉදිරිපත් කර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ තරගකාරී ආයතන කිහිපයක් අතර පවතින වෙළඳ ගැටුමක් මෙම තීරණය පිටුපස ඇති බවට සැකයක් මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් News 19 අප කළ විමසීමකදී පුබුදු ජාගොඩ මහතා මෙසේ අදහස් පළ කළා.

“නීරක්තියෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ට, ගැබිණි මව්වරුන්ට සහ අඩු බර සහිත අවුරුදු 05 අඩු දරුවන්ට ලබා දෙන පෝෂණ අතිරේකයක් වන ‘ත්‍රිපෝෂ’ ලංකාව තුළ නිෂ්පාදනය කිරීම රජයේ සහය ඇතිව ලංකා දුම් කොළ සමාගමට අදාළ ව්‍යාපෘතියක් ලෙස 1987 වර්ෂයේදී ආරම්භ කර තිබුණා.

2011 ජනවාරි 01 දින සිට මෙම ආයතනය රජයට පවරා ගත් අතර ඒ වන විට ඉන් සම්පූර්ණ කරගත හැකිව පැවැතුණේ රටේ සමස්ථ ත්‍රිපෝෂ අවශ්‍යතාවයෙන් 70%ක් පමණයි.

අනතුරුව 2016 වර්ෂය වන විට තාක්ෂණික නවීකරණයත් සමඟ එමඟින් රටේ අවශ්‍යතාවයෙන් 100%ක්ම සම්පූර්ණ කිරීමට හැකිව තිබෙනවා.

එහිදී නව යන්ත්‍රෝපකරණවල ධාරිතාවයේ අතිරික්තයක්ද පැවතීම හේතුවෙන් නව නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දෙමින් ‘සුපෝෂ’ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

සුපෝෂ නිෂ්පාදනය ආරම්භ කර මාස තුනක් ඇතුළත එය වෙළඳපොළේ ඊට සමාන අනෙකුත් නිෂ්පාදන අතරින් අංක එක බවට පත්වුණා.

සමස්ථ වෙළඳපොළෙන්  70%ක වෙලඳපොළ ඉලක්කයක් සපුරාගනිමින් සුපෝෂ සාර්ථක නිෂ්පාදනයක් ලෙස ස්ථාවරත්වයක් අත් කර ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම,  එහි ලාභයේ කොටසක් වශයෙන් වසරකට මිලියන 500ක් පමණ භාණ්ඩාගාරයට ලබා දීමද අදාළ සමාගම විසින් සිදු කළා.

මෙම තත්වය සමඟ සුපෝෂ හා සමානව පෞද්ගලික සමාගමක් විසින් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති නිෂ්පාදනයකින් ලැබෙන ආදායමද සැලකිය යුතු මට්ටමින් පහළට වැටීමද සිදු වුණා.

2023 වසරේදී IMF වැඩසටහන යටතේ ‘ලංකා ත්‍රිපෝෂ සමාගම’ පෞද්ගලීකරණය කරන සමාගම් ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.

මේ අතරම, අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ නව රජය පත්වීමත් සමඟ  2024 සැප්තැම්බර් 27 දින අමාත්‍යංශ වලට අදාළ ආයතන ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම කිසිදු අමාත්‍යංශයකට පවරා නොගෙන එය වසා දමන බවට තීරණයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙය බරපතළ ගැටලුවක් බවත් මින් පෙර පැවති වෙළඳ ගැටුම ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය පිටුපස තිබිය හැකි බව පෙනී යනවා.

CBL සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සිටි සමිත පෙරේරා ලක් සතොස සභාපති ලෙස පත් කිරීම සමඟ මෙම සැකය මතු වෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනයෙන් මේ වන විට මව්වරුන් සහ දරුවන් ලක්ෂ 16ක් පමණ ප්‍රතිලාභ ලබනවා,  සමාගම වැහුවොත් ඒ අය ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා.

එමෙන්ම, වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර ළමා මන්දපෝෂණය  20% මට්ටමේ පවතිනවා වගේම ගැබිණි මව්වරුන්ගෙන් 30%ක් පෝෂණ ඌනතාවලින් පෙළෙනවා.

තිපෝෂ ග්‍රෑම් 750 පැකට් එකක්  නිෂ්පාදනය සඳහා වැය වන නිෂ්පාදන වියදම රුපියක් 370ක්, ඒ අනුව වසරකට බිලියන 9ක් වෙන් කරන්න ඕන ඒ සඳහා.

රජයේ තීරණයෙන් පැහැදිලි වෙන්නේ එයාලට බිලියන 6500ක අයවැයකින් මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් බිලියන 9ක් වෙන් කරන්න බැහැ කියන කාරණය.

මේ වන විට ලංකාවේ දරුණු ආහාර අර්බුදයක් තියෙනවා, අවුරුදු දෙකහමාරක් ඇතුළත  අලුතෙන් ලක්ෂ 15ක්  ආහාර අර්බුදයට ගොදුරු වෙලා තියෙනවා,

ඒ වගේම අවුරුදු 05ට අඩු, අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශත, 2020 වසර වන විට 13.1% ක් ලෙසත්, 2021 වසර වන විට 12.2% ක් ලෙස සහ 2023 වසර වන විට 17.1% මට්ටමින් වර්ධනය වෙලා තිබෙනවා. මෙවැනි දරුණු තත්වයක් ඇතුළත ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට තීරණය කිරීම අතිශය ගැටලුකාරී තත්වයක් වගේම මේ තීරණය ගැනීමට හේතුව වෙළඳ තරඟයක්ද කියන කාරණය සම්බන්දයෙන් පැහැදිලි සැකයක් තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට...

ආපදා මරණ ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා...