2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
2024 සැප්තැම්බර් මාසයේදී දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක්.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබෙනවා.
2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසයි.