වෛද්‍ය මොහොමඩ් ශාෆි අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
තමන්ව අත්අඩංගුවට ගැනීමට නිසි පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරිමට නිලධාරීන් සමත්වී නොමැති බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.