27 C
Colombo
Friday, November 8, 2024

අනුර පත්කළ සභාපතිට එරෙහිව සේවක සේවිකාවන් පාරට බැහැලා

- Advertisement -

ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ ඊයේ (06) යාපනයේ දී විරෝධතාවයක නිරත වි තිබෙනවා.

තල් සංවර්ධන මණ්ඩලය සදහා එක් සතියක් ඇතුළත දී සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර දෙවනි වරට පත්කරණ ලද තැනැත්තා දූෂිත පුද්ගලයෙකු මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අයෙකු බව පවසමින් යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ සේවක සේවිකාවන් විරෝධතාවයක නිරතවි තිබුණා.

ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති නිසා වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කල යුතු බව පවසමින් විරෝධාතාවයක නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.

දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කල පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සදහන්.

RECENT ARTICLES - SINHALA

අලි ඇතුන් නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝග‍යක්

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය...

ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත

2024 වසරේ Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වැඩිම ආකර්ෂණීය දූපත (Most Desirable Island) ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනාගැනීමට සමත් වී තිබෙනවා. එහිදී...

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

POPULAR ARTICLES