27.3 C
Colombo
Wednesday, April 9, 2025

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්

- Advertisement -

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී තිබු බවයි පැවසෙන්නේ.

මෙය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක්.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබෙනවා.

2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසින්.

මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි.

මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

POPULAR ARTICLES

චීනයට පැනවු බද්ද අද සිට ක්‍රියාත්මකයි

චීනයට අද සිට 104% තීරු බදු පැනවෙන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා. මෙරට වේලාවෙන් අද (09) පෙරවරු 9:30 සිට එය බලාත්මක වනු ඇති. මේ අතර...

නැගෙනහිර සංවර්ධනය ගැන සාකච්ඡා

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන  සැලසුම්  සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය...

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...