26.2 C
Colombo
Friday, November 8, 2024

ඡන්දෙට පාසල් නිවාඩු ලැබෙන්නේ මෙහෙම

- Advertisement -

එළැඹෙන 14වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13වැනි බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දී ඇති අතර මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලු දෙනා දැනුවත්කර ඇති බවයි.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල්, 12වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත අතර නැවත පාසල් ආරම්භ වෙන්නේ නොවැම්බර් 18 සඳුදා දිනයේයි.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES