26.2 C
Colombo
Friday, November 8, 2024

රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරලා

- Advertisement -

වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවයි.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසුවා.

මේ අතර, රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.

එමනිසා වාහනයක් ධාවනය කරවීමට පෙර එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයැබැලීම අත්‍යාවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නා.

මෙඔහු වැඩිදුරාත් සඳහන් කළේ, රට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා. කිසියම්...

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී...

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES