කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, මෙහි ඉදිකිරීම් ලබන වසරේ ජුනි මාසය වන විට අවසන් කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දීමත් සමඟයි.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් මේ දක්වා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.
දැනට එම පර්යන්තයේ සිදුකර තිබෙන ඉදිකිරීම් අනුව එහි වැඩකටයුතු අවසන් කිරීම 2026 වසරේ නොවැම්බර් මස දක්වා දීර්ඝ වනු ඇති බවටයි නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ඉදිකිරිම් කඩිනම් කිරීමට උපදෙස් දී තිබුණා.
මෙම පර්යන්තයේ ඉදිකිරීම් හා උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 750ක මුදලක් වැයවෙන අතර එයින් 20%කට ආසන්න බදු කපා හැරීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.