26 C
Colombo
Friday, November 8, 2024

නිවසකට පැන තරුණියක් පැහැර ගැනීමේ තැතක්

- Advertisement -

බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවූ පුද්ගලයෙකු විසින් නිවැසියන් බියගන්වා එහි සිටි තරුණියක් පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වලස්මුල්ලෙන් වාර්තා වනවා.

වලස්මුල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වලස්මුල්ල පොලිස් වසමේ හොරේවෙල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ නිවසකට ඇතුළුවූ අදාළ සැකකරු නිවැසියන්ට ගිනිඅවි පෙන්වා බියගන්වා තරුණියක් පැහැර ගැනීමට තැත්කරන බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ වලස්මුල්ල පොලීසියේ නිලධාරීන් එම ස්ථානය ගොස් තිබුණා.

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02ක්, තහනම් පිහි 02ක්, යකඩ කූරු සහ යකඩ කැබලි සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එය මීට මාස කිහිපයකට පෙර සැකකරු විසින්ම නවතා දමා තිබෙනවා.

ඉන්පසුව සැකකරු මෙලෙස පැමිණ එම තරුණිය පැහැර ගැනීමට උත්සාහ දරා තිබෙන බවයි පැවසෙන්නේ.

සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා 'සමාජ සන්නිවේදන යෙදවුම්' භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යංශ ලේකම්,...

POPULAR ARTICLES