26 C
Colombo
Friday, November 8, 2024

පිරමීඩ මුදල් වංචාවකට යුවළක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩ මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි දහසක පමණ මුදලක් ප්‍රමාණයක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම යුවළ තැන්පත්කරුවන් 2,500කගේ පමණ මුදල් වංචා කර ඇති බවයි.

මෙරට ප්‍රධාන බැංකු තුනක මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11ක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ...

POPULAR ARTICLES