24 C
Colombo
Friday, November 8, 2024

අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

- Advertisement -

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබුවා.

අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාළ අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත් සැකකාරිය විසින් ප්‍රකාශ කොට ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ සැකකාරීය සතුව තවත් රුපියල් 260,000කට ආසන්න මුදලක් තිබී සොයා ගත් බවත් එම මුදල් ඇයට ලැබුණේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES