24.9 C
Colombo
Monday, November 25, 2024

ඡන්දෙ ගන්න ජල විදුලි බිල්පත් ගෙවන අපේක්‍ෂකයෙක්

- Advertisement -

මහමැතිවරණයට තරග කරන ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකු ඡන්ද දායකයන්ගේ මනාප ලබා ගැනීමේ අදහසින් ඔවුන්ගේ ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය පවසනවා.

මූතූර් ආසනයේ තෝපූර් ප්‍රදේශයේ පුද්ගලයන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා මෙම උපක්‍රමය භාවිත කරන බවට පැමිණිල්ලේ සඳහන්.

මේ පිළිබඳව කළ විමසීමකදී සහකාර තේරීම් භාර නිලධාරි හා අතිරේක දිසාපති ඒ. සුදාහරන් මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපදෙස් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි.

මෙම අපේක්ෂකයා පසුගිය මහමැතිවරණයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පැවසෙන අතර මොහු මොල්ලිපතාන ප්‍රදේශයේත් මෙලෙසම ජල හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද පැමිණිල්ලක් ලැබී ඇති බවට වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES