24 C
Colombo
Friday, November 8, 2024

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

- Advertisement -

දිස්ත්‍රික්ක කිහිපක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එම සංවිධානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ, අද (08) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වන බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා ‘විමසිලිමත් බවින් සිටින’ ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES