නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, එම කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගැනීම හේතුවෙන්.
එම කාර්යාලය නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස 6 සහ 7 ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් ඒ සඳහා පහසුකම් සළසන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.