26.5 C
Colombo
Thursday, November 14, 2024

විශ්වවිද්‍යාල දින දෙකක් වසා තැබීමට තීරණයක්

- Advertisement -

සියලුම විශ්ව විද්‍යාලවලට එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

මේ අතර, මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 

රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොම්සම අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

තැන තැන සිදුවෙන මාරක රිය අනතුරු – 5 ක් මරුට

කොළඹ රත්නපුර මාර්ගයේ පහළ තලාවිටිය ප්‍රදේශයේදී ඇහැලියගොඩ දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී...

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු  අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය...

ඡන්දය වෙනුවෙන් බස් සේවාව අදත්

අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට...

POPULAR ARTICLES