26.5 C
Colombo
Thursday, November 14, 2024

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රවෘත්තියක් හෙට අනිද්දා එළියට එනවා – ජනපතිගෙන් ඉඟියක්

- Advertisement -

අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තියක් ඉදිරි දින කිහිපයේ දී ජනතාවට දැන ගැනීමට ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (09)  දඹුල්ලේදී පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දේශපාලන බලය උපයෝගී කරගෙන මිනිස් ඝාතන සිදු කරන යුගය අවසන් කරන බව අනුර කුමාර දිසානයක මහතා මෙහිදි පවසා සිටියා.

 “තාජුඩීන් ඝාතනය කරනවා වග උත්තරකාරයෝ නැහැ, ලසන්තගේ ඝාතනය වග උත්තරකාරයෝ නැහැ, එක්නැලිගොඩට මොකද වුණේ කියලා තාම හොයාගන්න නැහැ, ඔක්කොම හොයනවා, හොයලා මේ රටේ සාමකාමී මිනිස්සු ඝාතනය කරපු සියලු ඝාතකයින් අධිකරණයට පමුණුවනවා, නැවත අපේ රටේ සාමාන්‍ය පුරවැසියට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න ඕන, පාස්කු ප්‍රහාරය හෙට අනිද්දා වෙනකොට හොඳ ප්‍රවෘත්තියක් එයි ඒ ගැන

RECENT ARTICLES - SINHALA

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු  අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය...

ඡන්දය වෙනුවෙන් බස් සේවාව අදත්

අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට...

දුම්රිය ගමන් වාර 10ක් අවලංගුයි

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද (14) ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම, තවත්...

POPULAR ARTICLES