26.5 C
Colombo
Thursday, November 14, 2024

කලින් ඡන්දෙ තරම්වත් මේ සැරේ ජනතාවගේ උනන්දුවක් නැහැ – මහින්ද දේශප්‍රිය

- Advertisement -

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පසුගිය ජනාධිපතිවරණය තරම්වත් ජනතාව අතර උනන්දුවක් දක්නට නොලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණය නිරීක්ෂණය සඳහා වූ ස්වේච්ඡා පෙළගැස්ම සංවිධානයේ (View) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඡන්දය භාවිත කිරීම සඳහා ජනතාව උදාසීනත්වයක් දැක්වීමට එක් හේතුවක් වී ඇත්තේ 2015 වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද බලය සම්බන්ධයෙන් ජනතාවට ඇති අභිලාශයන් සාක්ෂාත් වන ආකාරයට දේශපාලකයන් කටයුතු කිරීම බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙනවා.

“ පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය නැති එක මේකට එක හේතුවක්. සමහර අය අහනව ඡන්දෙ දුන්නම මොනවද අපිට ලැබෙන්නේ කියල, අපි දැන් දානයක් දුන්නොත් පින් බලාපොරොත්තු වෙනවා වගේ මොනවාහරි ලැබෙන්න ඕන කියන වැරදි අදහසක ඉන්නවා, අපි ඒක තමයි අයින් කරන්න හදන්නේ , ඡන්දයක් කියන්නේ අපේ ජීවිතේට අවශ්‍ය කොටසක් ඒ නිසා අපි ඡන්දේ දෙන්න එන්න ඕන”  

RECENT ARTICLES - SINHALA

තැන තැන සිදුවෙන මාරක රිය අනතුරු – 5 ක් මරුට

කොළඹ රත්නපුර මාර්ගයේ පහළ තලාවිටිය ප්‍රදේශයේදී ඇහැලියගොඩ දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී...

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු  අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය...

ඡන්දය වෙනුවෙන් බස් සේවාව අදත්

අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට...

POPULAR ARTICLES